Connect with us

පුවත්

චීනයට සිය කලාපයට බැලුන් එවන්න එපා යැයි ජපානය කියයි!

Published

on

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත.

ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි.

කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය පෙන්වාදී ඇත.

ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් නිරීක්ෂණය කිරීමට ජපන් බලධාරින්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පුවත්

පාස්පෝට් 180ක් මහරගම කාණුවක

Published

on

By

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මේ වන විට වසා දමා ඇති අදාල විදේශ රැකියා ආයතනයෙන් විදේශගතවීම සඳහා දුන් ගමන් බලපත්‍ර මෙසේ කාණුවට දමා ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළි වූ බවත් අදාල විදේශ රැකියා ආයතනයේ හිමිකරු විදේශ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වංචා කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

එම විදේශ රැකියා ආයතනයේ හිමිකරු මේ වන විට විදේශ රටකට පළාගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා කාණුවේ තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව පරීක්‍ෂණක් ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

(ලංකාදීප )

Continue Reading

පුවත්

බෙන් මෙලර් ජනබලවේග නායකයා හමුවෙයි

Published

on

By

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ඊයේ (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්ත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික්  (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

Continue Reading

පුවත්

බැසිල් පොහොට්ටු මන්ත්‍රීවරුන් කොළඹට කැඳවයි!

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්ය.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය.

මේ අතර වසර 05කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සාකච්ඡාවක් සඳහා ඊයේ (06) ගොස් තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති අදාළ සාකච්ඡාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාගවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved