Connect with us

පුවත්

චීනයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක පරිත්‍යාගයක්

Published

on

චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ ආහාර අවශ්‍යතා සහිත සිසුන් ඇතර බෙදා හැරීමට නියමිත බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීනය විසින් මේ වසරේ ජුනි මාසයේ සිට සහල් මෙට්‍රික් ටොන් 6,000ක් (පැකට් 600,000) ආධාර ලෙස පාසල් වෙත බෙදා දී ඇත.

පුවත්

යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

Published

on

By

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරන ලදී.

ඉහත කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සමාජිකයින් 373 දෙනෙකු සඳහා ද නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු සලසා දී තිබේ.

Continue Reading

පුවත්

කොළඹ – පුත්තලම ගමනාගමනයට බාධා

Published

on

By

ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයේ මහඔය ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.

පාරු ඔයේ ජලය ගලාවිත් ලුණූඔය පාලමින් කොළඹ පුත්තලම මාර්ගය අසලින් මෙසේ ජලයෙන් සම්පුර්ණයෙන් යටවී ඇති බව පැවසේ.

ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන් පවසා සිටියේ මෙම ජල මට්ටම දහවල් වන විට වැඩිවිමේ අවදානමක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමේදි ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වේ.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420කි.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ය.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL  ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතය.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved