Connect with us

පුවත්

චීන ජාතිකයන්ට on arrival වීසා දීමේ හැකියාව බලයි

Published

on

චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත් ලබා දීමට ඇති හැකියාවත් පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඒ, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා රැස්වූ අවස්ථාවේදීය.

මේ පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන්ට කාරක සභාවේ සහාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. 

එයට අමතරව පසුගිය රැස්වීම් වාර වලදී එළැඹි තීරණවල ප්‍රගතියද පිලිබඳව මෙහිදී සමාලෝචනයක් සිදු කෙරිණි.

තවද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අප්‍රිකානු හා මැද පෙරදිග කළාප පිළිබඳ අංශයන්හි කාර්යභාරය සහ එම කළාපයන්ට අදාලව මෙරට රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ගරු නිරෝෂන් පෙරේරා, නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන, අකිල එල්ලාවල, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, යදාමිණී ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම රැස්වීම සඳහා සහභාගී විය.

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved