පුවත්

ජනපතිට චීන සංචාරයකටත් ආරාධනා

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මාසයේ තෙවැනි සතිය තුළදී ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අද (26) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ නිශ්චිත කාල වකවානු මේ දක්වා තීන්දුවී නැති බවයි.

මේ අතර, චීනයේ නිල සංචාරයක් සඳහා ද ජනාධිපතිවරයාට ආරාධනයක් ලැබී ඇතැයි ජයතිස්ස මහතා පැවසීය.

ඔහු කියා සිටියේ මෙරට චීන තානාපතිවරයා විසින් මෙම ආරාධනය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි.

‘ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ඒ චීන සංචාරය කරන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා,’ යැයි ඔහු පැවසීය.

Trending

Exit mobile version