ඉකුත් සැප්තැම්බර 27 වැනිදා ජනපතිවරයා විසින් නිකු කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් රාජ්‍ය ව්‍යාපාර “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කළ යුතු” යැයි වන ප්‍රතිපාදනය / නිර්දේශය අහෝසි කරමින් වහා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
එහි සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් දක්වා ඇත්තේ අදාළ ලිපිය සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමෙහි සේවක සේවිකාවන් නියෝජනය කරන්නාවූ වෘත්තීය සමිතිය ලෙස, ඔවුන්ගේ පූර්ණ එකඟතාවද ඇතිව එවන ලද්දක් බවයි.
එම ගැසට් පත්‍රයට අනුව පාඩු ලබන මෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ද ගෙවන එසේම, රජයේ වගකීමක් ලෙස ආණ්ඩු විසින් පවත්වා ගත යුතු අතිශය වැදගත් ත්‍රිපෝෂ සමාගම ද ඈවර කිරීමේ ලයිස්තුවට ඇතුළත්ව ඇති බව අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.
සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.