10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය.
ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඇතුළු කටයුතු සිදු කරනු ලැබේ.
සෙංකෝලය සභා පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස ඉදිරිපත් කෙරුණු ලබයි.