Connect with us

පුවත්

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කඩදාසි පන්නලා

Published

on

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂයකට අධික මුද්‍රණ කඩදාසි සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) නඩුවක් පවරන ලදී.

මෙලෙස නඩු පවරනු ලැබුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ අංශයේ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කළ බදුල්ල, සිල්පොල්ගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුමිත් ජයනන්ද. වැලිමඩ, මාමින්නවත්ත පදිංචි පන්නිය සෙල්වම් චන්ද්‍රසේකර සහ බදුල්ල කන්දේගෙදර පදිංචි රාජේන්ද්‍රන් කෂාන් නමැති විත්තකරුවන් තිදෙනකුටය.

2023 දෙසැම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ජන හා නිවාස සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ අංශයේ තිබූ රුපියල් එක්ලක්ෂ එකොළොස් දහස් හතළිහක් (1,11,040) වටිනා 24×36 ප්‍රමාණයේ සුදු පාට කඩදාසි රිම් 10ක් සොරකම් කිරීම, සොර බඩු ළඟ තබා ගැනීම, ඒවා අලෙවි කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි.

විත්තිකරුවන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ලබන මැයි 03 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

(අරුණ)

පුවත්

වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණයට

Published

on

By

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මිට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවේය

වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන්  සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) පැය 11 ක පමණ කාලයක්  ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව ඔහු අත්අඩංගුවට පත් විය.

Continue Reading

පුවත්

ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි

Published

on

By

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

Continue Reading

පුවත්

විපක්ෂනායක ප්‍රශ්න හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටවේ

Published

on

By

අද (09) පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකලේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සභාවේ අදහස් දැක්වූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.

මේ මොහොත වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද කියා එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න ලදී.

ඊට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ සියළු දේවල් විමසීමට විවාදයක් පැවැත්විය යුතු බවත්, මේ වෙලාව ඊට සුදුසු අවස්ථාවක් නොවන බවත්ය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පවතින සියළු ගැටළුවලට විපක්ෂනායකවරයා වගකිව යුතු බවයි.

” මං හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් විවාදයක් තිබ්බොත් හොඳයි.. පක්ෂ විපක්ෂ විවිධ මත තියනවා.. ඒත් මං විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වගකියන්න ඕන.. අප්‍රේල් 10 වැනිදා අගමැතිකම භාරගත්තා නම් මෙවැනි ගැටළු ඇති වෙන්නේ නැහැ… මං මට පුළුවන් විදියට වැඩේ කළේ..”

අනතුරුව පක්ෂ විපක්ෂ ඝෝෂා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයෙන් පිටව ගියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ සිය ගැටළුවලට පිළිතුරු ලබා දී පිටව යන ලෙසයි.

” ආ.. ජනාධිපතිතුමා යනවනේ..ඇයි ජනාධිපතිතුමා යන්නේ? කරුණාකරලා ඉඳලා මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඇයි නැගිටලා යන්නේ? ඇයි නැගිටලා යන්නේ? මොකද බයද? බයද උත්තර දෙන්න බැරිද? මොන නිවට කමක් ද? දැන් මම ජනාධිපතිතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නනේ. ඇයි අපිට උත්තර දෙන්නේ නැත්තේ?…”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved