Connect with us

පුවත්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් හෙට සිට වැඩ නෑ !

Published

on

වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිතය.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු මෙලෙස විශ්‍රාම යාමට නියමිත බවය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ ප්‍රනාන්දු අද දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතව ඇත.

ඊට අමතරව ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යූ විජිත ගුණරත්න, ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර අද දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතය.

කෑගල්ල දිසාව භාර චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර කිත්සිරි ජයලාල් අපෝන්සු, කළුතර දිසාව භාර එස්.ඩී.එස්.පී සන්දනායක, නුවරඑළිය දිසාව භාර එච්.එස්.එන් පීරිස් සහ බස්නාහිර උතුරු අපරාධ දිසාව භාර ප්‍රිෂාන්ත ජයකොඩි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද විශ්‍රාමයාමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි පොහොට්ටුව නැවත ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවයි.

සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Continue Reading

පුවත්

අමාත්‍යංශ දෙකක විෂයපත සංශෝධනයක්

Published

on

By

අමාත්‍යංශ දෙකක විෂයපත සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට එක්කර ඇති අතර,

ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත එක්කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved