සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත දරුවන් සිටි නම් ඒ පිළිබද දැනුවත් කරන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි.
එම අධිකාරිය කියා සිටියේ, 1929 දුරකතන අංකය හරහා එම දැනුම් දීම සිදු කළ හැකි බවය.
අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබා ගැනීමට ළමා රක්ෂක අධිකාරිය ඊයේ පියවර ගෙන තිබුණි.
ඊයේ පස්වරු 2 වනවිට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබූ පසුබිමක ඔහු එහි පැමිණ සිටියේ නැත.
එම තත්ත්වය හමුවේ මොහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කෙරෙනු අතර පසුව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී තිබුණේ, ලබන 19 වැනිදා ඔහුට ඒ සදහා අවස්ථාව ලබා දෙන ලෙසය.
මෙම උපකාරක පන්ති ගුරුවරයා පෞද්ගලික කටයුත්තක් සඳහා පසුගිය ඉරිදා විදෙස් ගතවූ බව ඔහුගේ නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇති අතර 19 වැනිදා ඔහු අධිකාරිය වෙත ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ.
නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශ වල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු වන මොහු පන්ති වලට සහභාගිවන සිසුන්ට පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එම විඩියෝ දර්ශනයට අනුව ඇතැම් අවස්ථාවලදී එම පන්තියේම සිසුවියක ලවා සිසුවෙකුට පහර දෙන ආකාරයද දක්නට ලැබුණි.
සබැඳි පුවත්