පුවත්

ඩයනාගේ පෙත්සමෙන් විනිසුරුවරු ඉවත් වෙයි

Published

on

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබේ.

මෙම පෙත්සම විමසා බැලීමේ කටයුතුවලින් කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනා අද(26) ඉවත් තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම අගෝස්තු මස 05 වැනි දින කැදවීමට නියම කලේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළකළ අදහස් තුළින් මෙම අපහාසය සිදුවී ඇති බවට ඩයනා ගමගේ මහත්මියට චෝදනා එල්ලවී තිබුණි.

වැලිගම නගර සභාවේ හිටපු සභාපති රොහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

Trending

Exit mobile version