Connect with us

පුවත්

ඩයලොග් – ආසිආටා – එයාර්ටෙල් මෙරට මෙහෙයුම් ඒකාබද්ධ වෙයි

Published

on

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම්, අත්සන් කර තිබේ.

මේ යටතේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් අත්පත් කරගනු ලැබේ. ඒ සඳහා, Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතයි. 

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු වෙයි.

දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

පුවත්

මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්

Published

on

By

පක්ෂ හයක නියෝජිතයන්  අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක්  මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඇනවුම්කර තිබූ බව පැවසූ සභාපතිවරයා එම අවස්ථාවේ මාධ්‍ය වෙත අවධාරණය කලේ බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදල ගෙවීම අනිවාර්ය බවත් මුළු මුදල ගෙවීමකින් තොරව එකදු බස් රථයක් හෝ නොදෙන බවත්ය.

කෙසේ වෙතත් අදාළ ගෙවීම් සිදුකර පක්ෂ 6 ක් විසින් බස් රථ 685ක් ලබාගෙන තිබේ. 

ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබුණි

දිවයිනේ ප්‍රාදේශික දොළහෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රාදේශික දහයෙන් එහි ප්‍රාදේශික කළමනාකරුවන් විසින් මෙම බස් රථ සපයා ඇති බව පැවසූ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ, 

වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා ඇති  බවය.

Continue Reading

පුවත්

වැඩිකල වැටුප ගෙවන්න හැකියාව නැහැ

Published

on

By

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

(ලංකාදීප )

සබැඳි පුවත් :

වතු කම්කරු දෛනික වැටුප 70%කින් ඉහල දමයි! – Sri Lanka Mirror – Right to Know. Power to Change

Continue Reading

පුවත්

හෙට,අනිද්දා විධායක නිලධාරින් ලෙඩ වෙයි

Published

on

By

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ විධායක නිලධාරිහු හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටී.

රජයේ දීපව්‍යාප්ත සේවාවලට හා සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවන බව විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ, සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved