පුවත්

තලංගම කෝටිපතියාගේ ඝාතනයට තරුණ යුවළක් දැලේ!

Published

on

තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවලක් කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බව පොලිසිය කියයි.

ඉකුත් 30 වැනිදා ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම්.ඩී.එච්. පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබිණි.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය රැගෙන ගොස් තිබිණි.

අදාල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විම කණ්ඩායම් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ලද තොරතුරක් අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර අඹුසැමි යුවළ ගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට නියමිතය.

Trending

Exit mobile version