Sperm තල්මසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් නිපදවෙන ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘ඇම්බර්’ (Ambergris) ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙක් ගම්පහ නැදගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ඇම්බර් කිලෝ 2 ග්‍රෑම් 646ට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29, සහ 48 වයස්වල පසුවන්නෝ වෙති.
එලෙස ඉහල වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට ලද තොරතුරකට අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් උපාය දූතයකුගේ සහායෙන් වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අද (01) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අඳුරු අළු හෝ කළු පැහැයට හුරු ඝන, ඉටි වැනි ද්‍රව්‍යයක් වන ‘ඇම්බර්’, මුහුදේ පාවෙමින් තිබියදී, ගොඩබිමට ගසා ආ තිබියදී හෝ මියගිය Sperm තල්මසුන්ගේ උදරයේ තිබියදී හමුවේ. සුවඳ විලවුන් වල සුවඳ දිගු කාලයක් රඳා පවත්වාගැනීමට ඉඩ සලසන්නක් ලෙස මෙය භාවිතා කරන බැවින් මේ සඳහා සුවඳ විලවුන් නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉහළ ඉල්ලුමක් බව පැවසේ.