Connect with us

පුවත්

තිරිඟු පිටි ආනයනයට අවසර

Published

on

ඊයේ(28) දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර ඊයේ(28) පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කෙරුණි.

මෙම සාකච්ඡාව එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබා දීම සඳහා පැවැත්වුණි.

මෙහිදී, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්හි මිල ගණන් පහළ දැමීම සඳහාත්, තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහාත් අවධානය යොමුවී තිබේ.

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනාහිමිවරු ඉල්ලති

Published

on

By

ලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

Continue Reading

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved