Connect with us

පුවත්

Unilever ෂැම්පුවල පිළිකාකාරක; ෂැම්පු තොගපිටින් නැවත කැඳවයි

Published

on

පිලිකා කාරකයක් වන බෙන්සීන් (Benzene) අඩංගු විය හැකි බැවින් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට යුනිලීවර් (Unilever) සමාගම විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට ප්‍රථම නිෂ්පාදනය කරන ලද Dove, Nexxus, Suave, TIGI හා TREsemme යන සන්නාම යටතේ වන dry shampoo වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට ජනතාව වෙත දන්වා ඇත.

ඇමරිකාවට හා කැනඩාවට අදාල වන ලෙස මෙම නිෂ්පාදන නැවත කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර යුනිලීවර් සමාගම පවසන පරිදි වෙළෙඳ පොළේ ඇති එම සියලු නිෂ්පාදන රාක්ක වලින් ඉවත් කිරීම සඳහා ද සඳහා ද පියවර ගෙන ඇත.

යුනිලීවර් සමාගමේ අභ්‍යන්තරපරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙය ස්වෙච්ඡාවෙන් ආපසු කැඳවීම සිදු කරන බව යුනිලීවර් සමාගම තම ප්‍රකාශවල සඳහන් කර තිබේ. තවද මෙම ගැටලුව විසඳීම සඳහා සැපයුම්කරුවන් සමග කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ FDA ආයතනයට අනුව බෙන්සීන් සමට අවශෝෂණය කරගත හැක. දිගු කාලීනව මෙම බෙන්සීන් වලට නිරාවරණය වීමෙන් ලියුකේමියාව හා රුධිර සෛල පිළිකා ඇතිවිය ඇති විය හැකි බව ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර එය කාන්තාවන්ගේ ප්‍රජනන අවයවයන්ට ද හානිකර හැකි බවද සඳහන් වේ.

යුනිලීවර් පාරිභෝගිකයන්ට මෙම බලපෑමට ලක්වූ නිෂ්පාදනයන් භාවිතය වහාම නතර කරන ලෙසත් ඔවුන්ට මිලදී ගත් භාණ්ඩ සඳහා ප්‍රතිපූර්ණය ට යුනිලීවර් සමාගමෙන් ඉල්ලා සිටින ලෙසත් සමාගම සඳහන් කර ඇත.

මුලාශ්‍ර පුවත් :

The West Australian :
Unilever recalls multi-branded dry shampoos after detection of elevated levels of carcinogen benzene


DNA :
Dove, Tresemme causing cancer in US? Unilever recalls dry shampoo tainted with benzene

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනාහිමිවරු ඉල්ලති

Published

on

By

ලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

Continue Reading

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved