පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බසයක් ගිනිගනී

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (28) සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබේ.

32 – 7R කණුව ආසන්නයේදී මෙම ගිනි ගැනීම සිදුව ඇත.

පොලීසිය පවසන්නේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇතිබවය.

රථය ගිනි ගන්නා අවස්ථාවේ රියැදුරු හා රිය සහයක පමණක් එහි රැඳී සිටි ඇති අතර අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අධිවේගී මාර්ගයේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වන ලදී.

ඡායාරූප –  Accident 1st

Trending

Exit mobile version