පුවත්

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

Published

on



දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, 40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක් පවතින බවය.

උසස් ඩිප්ලෝමාධාරීන් 41 දෙනෙකු මේ වනවිටත් රැකියා අපේක්ෂිතව සිටින බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේය.

ඔහු පැවසුවේ, මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවය.

මේ වසරේ විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් විදේශගතවී තිබේ.

දැනට සේවය කරනු ලබන්නේ විකිරණ තාක්ෂණවේදීන් 620 කි.

Trending

Exit mobile version