Connect with us

පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන CoPF අදත් රැස්වෙයි

Published

on

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාව (CoPF) අද (30) දිනයේදී ද රැස්වීමට නියමිතය.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැස්වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවයි.

මෙම සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බවත් ට්විටර් පණිවිඩ කිහිපයක් ඔස්සේ ඔහු පවසා ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම හෙට පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනීමට නියමිත අතර, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ (29) පැවති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා ඇත.

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සමාලෝචන කමිටු වාර්තාව ජනපති වෙත

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී ය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් සංඛ්‍යාව, මිලියන 1.1 කි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහිදී සොයා බලන බවයි.

මේ අතර, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

Continue Reading

පුවත්

ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය වෙනුවෙන් හිටපු ජනපතිනිය ඉන්දුනීසියාවට

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වෙයි.

ඒ, ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වෙන ජගත් ජල සමුළුවට සහභාගී වීම සඳහාය.

මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ය.

සමුළුව හෙට සිට ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි.

හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.

Continue Reading

පුවත්

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු අඟවයි

Published

on

By

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බවය.

වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත්කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) පස්වරු 4.00 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ‌ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර අධික වර්ෂාපතනයත් සමග ගල් සහ පස් කඳු කඩාවැටීමට ඇති අවදානම හේතුවෙන් ඊයේ (17) රාත්‍රි 8.00 සිට තාවකාලිකව වසා දැමුණු  ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය  අද උදෑසන 06.00 සිට යළි විවෘත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved