Connect with us

පුවත්

ඉන්දියාවේ ඉල්ලීමට චීන නැවට ලංකා මුහුදට එන්න අවසර නැහැ 

Published

on

ගවේශණයක් සඳහා පැමිණෙමින් සිටින ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මේ බව නම ප්‍රකාශ කිරීමට අකමැති රජයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු තහවුරු කළ බව “නිවුස් ෆස්ට්” වාර්තා කර ඇත.

එම නෞකාව ලබන ජනවාරි 05 වැනිදා සිට මැයි මස අග දක්වා සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුව දකුණු ඉන්දීය සාගර කලාපයේ ගවේශණ කටයුතු වල නිරතවීමට බලාපොරොත්තුවෙන් පසුවිය.

ඊට ශ්‍රී ලංකා හා මාලදිවයින් සාගර කලාපයද ඇතුළත්ව තිබිණි.

චීනය ශ්‍රී ලංකාව හා මාලදිවයිනෙන් තම නැවට අදාළ පර්යේෂණ කටයුතු සදහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

මේ අතර, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙරේදා වාර්තාකර තිබුණේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් විර‌ෝධය දක්වා ඇති බවයි.

චීන නෞකාවට මෙම ගවේෂණය සඳහා අවසර ලබා නොදෙන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් හා මාලදිවයිනෙන් ඉල්ලා තිබිණි.

‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නෞකාව මේවන විට දකුණු චීන මුහුදේ ක්මායින් වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එයට අවසර ලැබුණු පසු මලක්කාව හරහා ගමන් කිරීමට නියමිත බවද එම වාර්තා පෙන්වාදී ඇත.

ගවේෂණ කටයුතු මුවාවෙන් චීනය ඉන්දියාවේ ඔත්තු බලන බවට ද ‌ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලකර තිබේ.

මේ උණසුම් තත්තවය මතුව ඇත්තේ මාලදිවයිනේ අලුතින් පත්වූ ජනපති මොහොමඩ් මුයිසු මහතා මාලදිවයිනේ රැදී සිටින ඉන්දීය හමුදා සාමාජිකයින්ට තම රටින් පිටවන ලෙසට දන්වා තිබියදීය.

පුවත්

මත්පැන් අළෙවිසැල් හෙට වහයි

Published

on

By

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (01) දවසේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අළෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

Continue Reading

පුවත්

විභීෂණ බැසිල් වගේ බඩුවක් – විමල්  (වීඩියෝ)

Published

on

By

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ව්‍යාපෘති සමඟ දැන් ඉන්දියාව නව මුහුණුවරකින් ශ්‍රී ලංකාවට අත පෙවීමක් සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැනටමත් “ඉන්දු – ලංකා Connectivity වැඩපිළිවෙළ”  ආරම්භ වී තිබෙන බව පසුගිය දා පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” අපි දන්නවා, ‘රාමායනය’ පොතේ විතරයි ඔය ‘රාම – රාවණා කතාව’ තිබෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. පොතේ හැටියට රාවණා රජ්ජුරුවෝ පාවලා දෙන්නේ විභීෂණ. ටක්කෙටම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. පසුව රාමට වුවමනා විදිහට ලංකාව පාලනය කරන්නේ විභීෂණයි. ඒ පුරාවෘත්තය බලගන්වන සංස්කෘතික මෙහෙයුම දැන් අලුත් වටයකින් අරඹලා තිබෙනවා.”

(වීඩියෝ – VoiceTube)

Continue Reading

පුවත්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

මැයි දිනය වෙනුවෙන් හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ග වලට වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද සිට කොළඹ නගරය ඇතුළු රැළි පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved