ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එස්.එම්. නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, වසීත් මහතා පත් කර ඇත්තේ එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.