පුවත්

නාමල් කුමාරට ගැහුවයි කියන තාත්තයි පුතයි අත්අඩංගුවට

Published

on

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පියා  තිස් පස් හැවිරිදි වියේ පසුවන වෙළඳාම් කර ජීවිකාව ගෙන යන අයෙකු වන අතර ඔහුගේ විසි තුන් හැවිරිදි පුත්‍රයා කුලී වැඩකර වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි.

මොවුන් කරද ජනපදයේ පදිංචි අය වෙති. පැහැර ගත්තේ යැයි කියන දේ පළ තවම සොයා ගෙන නොමැත.

නාමල් කුමාර නමැත්තා ගේ  බිරිඳ  මදුවන්ති තිලකරත්න නැමැත්තිය කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නාමල් කුමාර නමැත්තා කරද විහාරස්ථානය අසල දී පුද්ගලයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙන බව කියති. මෙම ආරවුල සිදු වූ ස්ථානයට පියා සහ පුතා පැමිණ ඔබ අපේ අයට කරදර කරනවා දැයි විමසමින්පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ නාමල් කුමාර නමැත්තා රෝහල්ගතව ‌ප්‍රතිකාර ලබන බව පැවසේ.

පොලූවලින් සහ අතින් පයින් මොහුට පහරදී ඇති බවපොලිසිය සදහන් කරයි.

මුලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version