පුවත්

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

Published

on

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

නොවැම්බර් 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව ඔහු සඳහන් කලේය.

(08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ එම කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අපේක්ෂකයින් සහ අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කලේය.

නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version