පුවත්

නීතිඥවරියක් අභිරහස් ලෙස මියයයි

Published

on

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුරක් සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ සැකසහිත ලෙස මියගොස් සිටි 40 හැවිරිදි නීතිඥ දුෂ්මන්ති අබේරත්නගේ සිරුර අද (31) උදෑසන ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බවයි.

නීතිඥවරියගේ සැමියා ඊයේ (30) රාත්‍රියේ සිට නිවසේ සිට නොමැති බවට වාර්තා වූ බවද පොලිසිය පවසයි.

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලිසියට දැනුම්දී ඇත.

මියගිය නීතිඥවරිය ඊයේ රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(අරුණ)

Trending

Exit mobile version