Connect with us

පුවත්

නීතීඥයාගේ සුනඛයාට වසදී මැරූ නීතීඥවරියට ඇප දෙයි!

Published

on

නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවත පදිංචි නීතිඥවරියක වූ දිලිනි විජේසිංහ මහත්මියයි. 

ඉකුත් 12 වැනිදා නීතිඥ පත්මික මහනාම මහතා විසින් කහතුඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ සවි කර තිබූ සීසීටීවී දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශන වලදී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථය ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

එකොළොස් වැනි දින රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට විසි කරන අයුරු හා විසි කල එම දේවල් සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් සිසීටීවී කැමරාවේ සටහන් වි තිබිනි.

හිටි හැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා ව පසු වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබිණි.

නඩුව එළඹෙන ජූලි 6 වෙනි දින නැවත කැඳවීමට නියමිතය.

පුවත්

නාවිකයන් 3,146 ට උසස්වීම්

Published

on

By

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව දැනුම් දී ඇත.

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකුට මෙම උසස්වීම් සිදුකර ඇත.

වසර 30 කට ආසන්න කාලයක් මෙරට වෙලා ගනිමින් පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මවිබිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ අනභිබවනීය දායකත්වය එම විජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් විය.

(අරුණ)

Continue Reading

පුවත්

කෝටි 5ක ජංගම දුරකතන එක්ක දෙදෙනෙක් ගුවන්තොටේදී කොටුවෙයි

Published

on

By

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි .

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත  අද අලුයම 04.55ට පැමිණ තිබුණි .

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

පුවත්

බැසිල්ගේ ඉල්ලීමට රනිල්ගේ ප්‍රතිචාරය

Published

on

By

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා (15) සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පොදුජන පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved