Connect with us

පුවත්

පන්සලේ වෙන්දේසියට කසිප්පු බෝතලයක් !

Published

on

අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගිත ප්‍රසංගයකදි වෙන්දේසිය සදහා බියර් බොතල් ⁣දෙකක් හා කසිප්පු බෝතලයක් තැබීමේ සිද්ධියක් වාර්තා වේ.

එහි දී කුසුම් බදුනට පෙර බියර් බෝතල් දෙක රුපියල් 2800කට වෙන්දේසි කොට ඇත.

තරුණ සංවිධායක පිරිසක් හා විහාරයේ වැඩවසන නඟරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ලෙසින් කටයුතු කරන හාමුදුරුවෝ සමග එක්ව මෙම වෙන්දේසිය සිදුකර ඇති බවට වාර්තා වේ .

“මිහිරි න් මිහිර ගෙන දේන ආතල්පානේ ” නමින් වෙන්දේසිය නම්කර ඇති අතර බියර් බෝතල් විකිණිම සිදුකල විට කිසිදු අවස්වක එය බියර් බව හඟවා නැත .

ඉන් පන්නරයක් ලැබුව සංවිධායකයෝ කුසුම් බදුන වෙන්දෙසි කොට ඒ සමගම අරක්කු බෝතලයක්ද වෙන්දෙසියට තබා ඇත්තේ වෙන්දෙසියේ ඉහල ආදායම් අපෙක්ෂාවෙනි.

වෙන්දේසියේ මුල් අවස්ථාව තුල මල්ලකදා තිබුණු බෝතලයක් වෙන්දෙසියට ගෙන ඇත්තේ ගමේ අමෘතය ලෙසිනි.

අනතුරුව එහි වෙන්දෙසි මිල 5800 දක්වා ඉහල ගොස් ඇති අතර අරක්කු බෝතලයක් වෙන්දෙසියේ උච්චතම අවස්ථාවේදි මල්ලෙන් එළියට ගෙන ඇත.

ඒ අවස්ථාවේ එම ස්ථානයට ගිය සල්පිලේ ආරාධිත අමුත්තෙකු වු තරුණ පොලිස් නිලධාරියෙක් මෙම වෙන්දෙසියෙන් අරක්කු බෝතලය ඉවත් කරන ලෙස ඉල්ලීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශයේ නිලධාරියාට පන්සලේ වැඩ සිටි ගුරු හාමුදුරුවෝ පහර දි ඇති බවද වාර්තා වේ.

මේ අවස්ථාවේදි අරක්කු බොතලයක් වෙන්දෙසි කිරිමෙන් ලැබේන මුදලට වඩා වැඩි අපවාදයක් පන්සලටත් ආගමටත් සිදුවන බව තරුණ පොලිස් නිලධාරියා පන්සලේ හාමුදුරුවන්ට පෙන්වාදීමෙන් පසු වෙන්දෙසියෙන් අරක්කු බෝතලය ඉවත්කොට වෙන්දේසිය හා ආධුනික ගිතප්‍රසංගය පවත්වා ඇත..

මෙම හාමුදුරුවන් ගේ මේම අශෝභ ක්‍රියාව පිලිබදව ගම්වාසින් අතර කසුකුසුවක් පැතිර යන අතර සංවිධායක පිරිස පවසන්නේ මෙම අරක්කු බෝතල වෙන්දෙසි නොකිරිම නිසා රුපියල් ලක්ෂක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සමාලෝචන කමිටු වාර්තාව ජනපති වෙත

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී ය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් සංඛ්‍යාව, මිලියන 1.1 කි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහිදී සොයා බලන බවයි.

මේ අතර, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

Continue Reading

පුවත්

ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය වෙනුවෙන් හිටපු ජනපතිනිය ඉන්දුනීසියාවට

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වෙයි.

ඒ, ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වෙන ජගත් ජල සමුළුවට සහභාගී වීම සඳහාය.

මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ය.

සමුළුව හෙට සිට ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි.

හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.

Continue Reading

පුවත්

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු අඟවයි

Published

on

By

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බවය.

වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත්කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) පස්වරු 4.00 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ‌ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර අධික වර්ෂාපතනයත් සමග ගල් සහ පස් කඳු කඩාවැටීමට ඇති අවදානම හේතුවෙන් ඊයේ (17) රාත්‍රි 8.00 සිට තාවකාලිකව වසා දැමුණු  ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය  අද උදෑසන 06.00 සිට යළි විවෘත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved