පුවත්

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් ප්‍රමාදයි

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන්ය.

2022/2023 මුල්‍ය වර්ෂය තුල  ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරිම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය  ඇමරිකානු ඩොලර් 784,000ක් බවද එම විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට  දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා  ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.

මෙකි ගැටළු විසදිම සදහා  බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබේ.

Trending

Exit mobile version