Connect with us

පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානමක්

Published

on

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඊයේ දිනයේදී ලැබුණ අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය රාත්‍රී 10.30ට මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේණාධීර මහතා සඳහන් කළේ, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ත සඳහා එම නිවේදන නිකුත් කර ඇති බවය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර1යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනය කරනු ලැබීය.

මෙම නිවේදනය පවතින වර්ෂාපතනයේ වෙනසත් සමඟ වෙනස්වීමට ඉඩ තිබෙන බවත් එමෙන්ම අනෙකුත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය නිසා කඳු අශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිට, අවශ්‍ය වුවහොත් ආරක්ෂක ස්ථානයක් කරා යන ලෙස ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.

පුවත්

ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන සිසුන්ට බාධා

Published

on

By

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වංචනික ශිෂ්‍ය බඳවා ගැනීමේ පිළිවෙත් පිළිබඳ විද්‍යාල කිහිපයකට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.  

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

ලබන සිකුරාදා (10)  සිට, ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 (අමෙරිකානු ඩොලර් 19,576) ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

මෙය මාස හතක කාලයක තුළ දෙවන වැඩිවීමයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීම සිදුවිය.

2022 දී Covid-19 සීමාවන් ඉවත් කිරීම සමඟ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉහළ ගිය අතර , ඒත් සම්ඟින් එහි  නිවාස වෙළෙඳපොල මත දැඩි පීඩනයක්.එල්ල වී තිබේ.

මේ හේතුවෙන්  මෑත කාලීනව ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ක්‍රියාමාර්ග රාශියක් අලුතින් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු රජය විසින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර, 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

Continue Reading

පුවත්

මන්නා රමේෂ්ගේ නිවසින් සැක බඩු

Published

on

By

ඩුබායි සිට මෙරටට  රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර  පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.

එම දේපළ සොයාගැනීමට හැකි වී ඇත්තේ අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීය.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.

බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1  පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා  කටයුතු කරන බව පොලිසිය කියයි.

(ලංකාදීප )

Continue Reading

පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

Published

on

By

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අදාළ අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් විනිසුරු එස් තුරෙයි රාජා මහතා ඉවත් වී තිබේ.

කොළඹ වරාය මුහුදු සිමාවේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අපරාධ නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  ඉල්ලා දේශීය නියෝජිත සමාගම වු සී කොන්සෝටියම් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවන ලදී.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති එස් තුරෙයි රාජා මහතා පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩුවෙන් ඉවත් වන බව සදහන් කලේය.

අධිකරණය නියෝග කලේ,වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීමට ලබන 21ක් වැනිදා කැදවන ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved