පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

Published

on

හෙට (29) දින ප්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

තවද මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අඩු පීඩන තත්ත්ව යටතේ ජලය සපයනු ලබන බව එම මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි..

Trending

Exit mobile version