එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ප්‍රවාහන සංගම් හතරක් ප්‍රකාශ කරයි.
ඒ අනුව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi App ත්‍රී රෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රි රෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය තම සහාය වත්මන් ජනපතිට ලබා දෙන බව පවසා ඇත.
ඒ ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (04) කොළඹ ගාලුමුවදොර හරිත භූමියේ පැවති හමුවේදීය.
පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.