පුවත්

පාකිස්තානු කුඩ්ඩන්ගෙන් කුඩු කිලෝ 100ක් මිලදී ගනිද්දී ගිනි අවිත් දෙනවලු!

Published

on

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනය වූ මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීවට හිතවත් පාතාල ප්‍රබලයින් සිය බලය රැක ගැනීමට කෙහෙල්බද්දර පද්මේට සමීප පුද්ගලයන්ට සහ ගෝලබාලයින්ට ප්‍රහාර එල්ලකිරීමේ සූදානමක් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි “සිළුමිණ” වාර්තා කර තිබේ.

අධිකරණය තුළ දී සංජීවට එල්ලකළ මෙම ප්‍රහාරයත් සමඟ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ ට පිළිගැනීමක් ඇතිවී තිබෙන බවත්, එම තත්ත්වය නිසා මෙරට මත්කුඩු ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ලවී තිබෙන බවත් බුද්ධි අංශ සඳහන් කරන බවද එහි දැක්වේ.

මෙරට පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් මත ඔවුන්ට විකුණා මුදල් ගෙවීමේ පදනම මත පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් අයිස් සහ හෙරොයින් ලබාදෙන බව ද බුද්ධි අංශ සඳහන් කරයි. 

කිලෝ 100ක් වැනි මත්කුඩු තොගයක් මිලදී ගැනීමකදී පිස්තෝල සහ ටී 56 අවි ද පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අධිකරණය තුළදී සංජීවට කළ වෙඩි තැබීමත් සමඟ මෙතෙක් පකිස්තානු ජාවාරම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වූ සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලියට මේවන විට පිළිගැනීමක් ඇතිවී තිබෙන බැවින් සෙසු ජාවාරම්කරුවන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි සාමාජිකයන්ට පහරදී ඔවුන්ගේ තැන රැක ගැනීමට සැළසුම්කර ඇතැයි ද පැවසේ.

Trending

Exit mobile version