පුවත්

පාස්කුවට සැමරුම් නැතිව යුක්තිය ඉල්ලන සිංදුවක්

Published

on

පාස්කු ප්‍රහාරයට වසර 05 ක් ගතවන මොහොතේ ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින විරෝධාකල්ප ගීතයක් නිර්මාණය වී තිබේ.

මෙම ගීතය ඔවුන් විසින් නම් කර ඇත්තේ  “පහන් දැල්වූ සැමරුමක් නොව යුක්තිය ඉල්ලන සටනක්” යනුවෙනි. මේ කලාත්මක විරෝධාකල්පයේ හඬ දායකත්වය එක් කරනුයේ විෂුල වාකිෂ්ඨ වාස් විසිනි. ගීතයේ පද රචනය, තනු නිර්මාණය, සංගීත සංයෝජනය හා ශබ්ද සංයෝජනය තිළිණ අලහකෝන් ගෙනි. 

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ රටේ වාණිජ අග නගරය වන කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. 

එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්ථා වූ අතර.අවම වශයෙන් විදේශිකයන් 45 ක්, පොලිස් නිලධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මෙහිදී මරණයට පත් වූ අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.

Trending

Exit mobile version