Connect with us

පුවත්

පාස්කු පීඩිතයන් වෙනුවෙන් ගෙවල් 223ක් 

Published

on

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පවසන ලදී. 

තවත් නිවාස 11 ක ඉදිකිරීම් අරඹා ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

නිවාස 223 ක් ඉදි කිරීම සඳහා   රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි. 

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. 

අමාත්‍යවරයා සඳහන් කලේ, කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට නිවාස ඉදිකිරීම සඳහා පමණක්  රුපියල් මිලියන 90.855 ක් වැය කර ඇති බවය.

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු  ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 9 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය. 

පුවත්

කළුතර වෙඩි තැබිමක්

Published

on

By

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ.

කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසකට ඇතුළු වී එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි තස්මින් මදුවන්ත සිල්වා නමැති කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.

පොලීසිය සඳහන් කලේ අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබෙන බවය.

ටී – 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

Continue Reading

පුවත්

වෙසක් සතිය ඇරැඹෙයි

Published

on

By

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අද (21) ආරම්භ වේ.

අද (21) සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශිත අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

23 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතය.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ.

23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය ද සිදුවේ. විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරේ.

රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන අද (21) පස්වරු 2.00ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාවන් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මැති ඇමැතිවරු සහභාගි වෙති.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාර 22ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ද රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන 05ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.6ක් ද ආපදාවට ලක්වූ විහාරස්ථාන 03ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 0.4ක් ද දහම් පාසල් 12ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5ක් ද බුද්ධශාසන අරමුදල යටතේ දුෂ්කර විහාරස්ථාන 32ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 32ක් ද වෙන් කර තිබේ. මෙම සම්පූර්ණ ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 26.6කි. මීට සමගාමීව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 25කට වැඩි ප්‍රමාණයක සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කර තිබේ. වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා භක්ති ගීත වැඩසටහන්, වෙසක් කලාප, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.

Continue Reading

පුවත්

චීනයට පත්වූ නව ශ්‍රී ලංකා තානාපති, වැඩ භාර ගනී

Published

on

By

චීනයට පත් වී ඇති නව ශ්‍රී ලංකා තානාපතිවරයා වන මජින්ත ජයසිංහ මහතා ඊයේ (20) දිනයේදී බෙයිජිං අගනුවරදී වැඩ භාරගෙන තිබුණි.

මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ පාලිත කොහොන මහතා ගේ ධූර කාලය පසුගිය වසරේදී අවසන් වීමත් සමග මෙම ධූරය මාස කිහිපයක් පුරාවටම හිස්ව පැවතිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved