පුවත්

පුංචි ඡන්දයට ඇප මුදල් භාරගැනීම අද සිට(UPDATE)

Published

on

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද (03) සිට ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, එම කාලය තුළ පෝය, සෙනසුරාදා සහ ඉරිදා දනවල ඇප තැන්පත් භාරගැනීමක් සිදු නොකරන බවය.

එමෙන්ම මාර්තු 17 වැනිදා සිට මාර්තු 20 වැනිදා මධ්‍ය්හන 12.00ට නාම යෝජනා භාරගැනීමට සැලැසුම් කර තිබේ.

ඒ ඒ තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපති කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙනු ඇත.

මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 336ක නියෝජිතයින් පත් කරගැනීම අපේක්ෂා කෙරේ.

එහිදී මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයන් තෝරා පත් කරගැනීමට නියමිතය.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාර ප්‍රාදේශීය සභාව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටි ප්‍රාදේශී සභාව යන පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාර නොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

(පෙර පුවත 2025 මාර්තු 03 පෙ.ව.11.54.)


පුංචි ඡන්දයේ නාමයෝජනා සඳහා දින නියම වේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව,  2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. 

Trending

Exit mobile version