පුවත්

පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි

Published

on

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ නිවේදනක් මඟින් මෙම තීරණය දැනුම් දී තිබුණි.

එහි දැක්වෙන්නේ 2025 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොද‍ා තිබූ ”වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගය” ක්‍රියාත්මක කළ යුතු දිනය මාස සයකින් කල් දමා ඇති බවය.

කෙසේවෙතත්, රාජකාරි අවශ්‍යතාවය මත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරිමට මෙම නියෝගය බාදාවක් නොවන බවද එම නිවේදනයේ සඳහන්ය.

Trending

Exit mobile version