පුවත්

පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වන බව නිවේදනය කර තිබේ.

පක්ෂය ඉදිරි මැතිවරණයට ප්‍රවේශ වීමට සැලසුම් කරන ආකාරය පිළිබඳව සවිස්තර සාකච්ඡාවක් නෙළුම් මාවතේදී පවත්වා ඇති බව සඳහන්ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පක්ෂය හැර ගිය පුද්ගලයින් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගන්නේද යන්න පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

කෙසේ වෙතත් දූෂණ චෝදනා එල්ල වී ඇති කිසිවකු යළි භාර නොගැනීමට ද පක්ෂය එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වේ.

මීට පෙර පක්ෂය හැර ගිය බොහෝ දෙනා නැවත පක්ෂය හා එක්වීමට ඉල්ලීම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

Trending

Exit mobile version