පුවත්

බටුවත්තේ චාමර හා කොණ්ඩ රංජිගේ ගැටුම් නිසා ජාඇලට පොලිස් ආරක්ෂාව වැඩිකරයි

Published

on

ඩුබායි හි සැව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බටුවත්තේ චාමර හා කඳානේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොණ්ඩ රංජි යන  දෙදෙනා අතර පවතින කෝන්තරයක ප්‍රතිඵලයක් ලෙස සිදුවන වෙඩි හුවමාරු හේතුවෙන් ජාඇල ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඩුබායි හි සැව සිටින බව පැවසෙන බටුවත්තේ චාමර ගේ බිරිඳගේ වැලිගම්පිටිය ශාන්ත ආනා මාවතේ පිහිටි නිවසට අවස්ථා දෙකකදී පසුගිය දිනවල වෙඩි තැබීම් සිදුව තිබිණි.

බටුවත්තේ චාමරගේ මත්ද්‍රව්‍ය ලබාගනිමින් ඒවා සඳහා ලබාදිය යුතු විශාල මුදලක් නොගෙවීම මත කොණ්ඩ රංජි නැමැත්තා හා ආරවුලක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මීට සතියකට පෙර කොන්ඩ රංජි නැමැත්තාගේ නිවසටද වෙඩි තැබීමක් සිදුව ඇති බවත් පොලිසිය සදහන් කරයි.

මෙම වෙඩි තැබීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී ජනතාව යම් භීතියට පත්ව ඇතැයි ද පැවසේ.

ඉකුත් දෙසතිය තුළ බිහිසුණු වෙඩි තැබීම් 2ක් ජාඇල හෙට්ටිගම ප්‍රදේශයේ සිදු ව තිබිණි

මේ හේතුවෙන් ජාඇල පොලීසිය මගින් අවි සහිත නිලධාරීන් පැය 24 පුරාම එම ප්‍රදේශ වල රාජකාරි සඳහා යොදවා ඇති අතර බුද්ධි අංශ නිලධාරීන් ද සිවිල් ඇඳුමෙන් සැරසී එම පොලිස් රාජකාරිවලට යොදවා ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version