පුවත්

බන්දුලත් ඇමරිකාවට යයි

Published

on

ලෝක බැංකුවේ මූලිකත්වයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ’ ප්‍රවාහන පරිවර්තන කිරීමේ 21 වන සමුළුවට ‘ සහභාගි වීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෙට (17)  වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මාර්තු මස 18 වැනිදා සිට 20 දක්වා මේ සමුළුව පැවැත්වේ.

17 වෙනිදා වොෂින්ටනය බලා යන ඇමැතිවරයා 18 වෙනිදා ලෝක බැංකු MC මහල් වෙත පැමිණෙන අතර එහිදී SAR ප්‍රවාහන පුහුණු කළමණාකරු, Fei Deng මහත්මිය විසින් ඇමැතිවරයා පිළි ගැනීමටත් එදිනම විධායක රැස්වීමකට ඇමැතිවරයා සහභාගි වනු ඇතැයි ද පැවසේ.

19 වැනිදා ප්‍රවාහනය සම්බන්ධ පළමු සැසිය පැවැත්වෙන අතර එදින පස්වරුවේ බස් ප්‍රතිසංස්කරණ, පොදු ප්‍රවාහන හා ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සම්බන්ධ එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

20 වැනිදා අමාත්‍යවරයා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ ප්‍රෙස්න්ටන් ශ්‍රවණාගාරයයේදී විශේෂ සංවාද සැසියකට සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
ඊට අමතරව එදින ඉන්දියානු, බ්‍රසීල හා නේපාල නියෝජිතයන් සමඟද විශේෂ සාකච්ඡාවකට සහභාගි වනබවත්, එදින ඊ බස් සේවා ඇතුළු බස් රථ සම්බන්ධ නවීන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් ඇමැතිවරයා විශේෂ සාකච්ඡාවන්ට සහභාගි වනුඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version