පුවත්

බැසිල්ගේ හඩපටයේ පිටපත කාගේද ?

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර ඇතිවූයේ යැයි කියන උණුසුම් වසන හුවමාරුවේ සමාජ මාධ්‍යයේ පැතිරී ඇති හඬ පටය සැලැසුම්සහගත ගොතන ලද එකක් බවට මේවන විට සමාජ මාධ්‍ය අතර මතයක් පැතිර තිබේ.

මේ වචන හුවමාරුව ඊයේ (23) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සිදුවූවක් බව සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ හඬපටය සම්බන්ධයෙන් ජනතාව තබා ඇති සටහන් කිහිපයක් පහත දැක්වේ.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.

එම රැස්වීම අතරතුර බැසිල් රාජපක්ෂ මහතා සහ සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධ හඬපටයක් අද සමාජ මාධ්‍යවල සංසරණය වුණි.

Trending

Exit mobile version