Connect with us

පුවත්

“බීජිං සූර්යය මංගල්‍යය” දවස පුරා මිරර් වෙතින් සජීවී

Published

on

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන “බීජිං සූර්යය මංල්‍යය – 2023” අද (16) දවසපුරා බීජිං හි පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවත් වේ.

චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය අතරතුර හිස තෙල් ගෑමේ මංගල්‍යය සිදු කිරීමට ද නියමිතය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමට නියමිත අතර මේවන විට උන්වහන්සේ චීනයට වැඩමවා සිටිති.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ උත්සවයට සහභාගිවීමට නියමිතය.

“බීජිං සූර්ය මංගල්‍යය – 2023” සම්පූර්ණ දර්ශන සජීවී ලෙස ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කෙරේ.

එය බීජිං වේලාවෙන් පෙරවරු 9.30 ( ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.00 ට) ආරම්භවීමට නියමිතය.

මෙම සජීව විකාශයේ නිෂ්පාදන කටයුතු CCTV+ හා ශ්‍රී ලංකා මිරර් සමඟ එක්ව සිදු කිරීම විශේෂිතය.

මේ සජීවී විකාශයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම විසින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලාංකික ජනසිරිත් චීන ජනයා අතරට ගෙනයාම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබේ.

පුවත්

බැසිල්ගේ ඉල්ලීමට රනිල්ගේ ප්‍රතිචාරය

Published

on

By

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා (15) සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පොදුජන පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත

Continue Reading

පුවත්

රණවිරු දින සැමරුම් උත්සවයට පාරවල් වැසේ

Published

on

By

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන ඉරිදා (19)  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Continue Reading

පුවත්

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.

සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ”  ලෙසය.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා  පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved