අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේ ඔහුව දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
අද (29) දහවල් ඔහුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ශරීර ඇප මත මුදාහැර ඇත.
(පෙර පුවත 2025 මාර්තු 29, ප.ව.12:11)
මරදානේ චොප්පෙගේ පුතා අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නොහොත් ‘මරදානේ චොප්පෙගේ’ පුතා පොලීසිය විසින් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු රජයේ නිලධාරින් පිරිසක් සමග අදාළ ඉඩමට ගිය විටදී මෙලෙස නිවෙස් හිමියාට සහ ඔහුගේ දියණියට තර්ජනය කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.