Connect with us

පුවත්

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත හෙක්ටෙයාර් 5000ක් ගොවීන්ට

Published

on

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.

එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි  ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් තාවකාලිකව නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලු රේඛීය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබීය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීහූ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

කටුනායක කලබලයක්: සංචාරකයින් කුපිත වෙයි(විඩියෝ)

Published

on

By

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබේ.

එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළකර කිරීමත් සමඟින්  උණුසුම්කාකාරී වාතාවරණයක්  ඇති වී ඇත.

මෙතෙක් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඊයේ (01) පස්වරු 5.00 සිට ඉන්දීය පෞද්ගලික සමාගමක් වන  VFS Global වෙත පැවරීම සිදුවිය.

ඉන්දීය සමාගමේ නිළධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවීමට එය බලපා ඇත.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඒ සදහා ඉන්දියාව, චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30ක කාලයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20ක් ද, අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුවක් ද අය කළ බව සඳහන් ය.

එහිදී වයස අවුරුදු 12ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු විය.

කෙසේ වෙතත් ඊයේ (01) සවස 05.00 ට මෙම වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25ක මුදලක් ද අය කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු (Service Charge) සහ පහසුකම් සැළසීමේ ගාස්තු (Convenience Charge) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබු අතර ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් සිසින් සඳහන් කර සිටියේ, එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඒ අනුව  ශ්‍රී ලංකාවට වසරක කාලයක් තුළ සංචාරකයන් මිලියන 03ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් හෙවත් රුපියල් මිලියන 20,000ක ආදායමක් හිමි වන බවයි.

ඊයේ පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබුණි.

යළි රාත්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී කළහකාරී ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගෙන තිබේ.

ඒ හේතුවෙන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් ද පැමිණීම සිදුවිය.

පසුව මෙම ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30ට පමණ තාවකාලිකව අත්හිටුවා , තමන් වෙත එකතු වී තිබූ මුදල් ද රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ගොස් ඇත.

මේ අතර ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා,  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ අය කිරීම් සිදු කරමින් වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට උපදෙස් සහ නියෝග ලබා දී තිබූ බැවින් මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරගෙන යන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

“වස දීලා මාව මරන්න හැදුවා” – රොෂාන් රණසිංහ

Published

on

By

මීට මාස එකහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය.

නිරෝගී පුද්ගලයකු ලෙස ලංකාවෙන් පිටත්වූ තමන්, ජපානයට යනවිට රෝගියකු වූ බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රසායනිකයක් ශරීර ගතවී ඇති බව යයි ද, පැවසූ රොෂාන් රණසිංහ මහතා, දූෂණ හා වංචා හෙලිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇතිබව ද, සදහන් කලේය.

ඉදිරියේ දී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව පැවසූ ඒ මහතා, තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන්කිරීම බව ද, ප්‍රකාශ කලේය.

( ලංකාදීප )

Continue Reading

පුවත්

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝග

Published

on

By

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලදී.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින Onmax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 04දෙනා ද අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා aදාල නියෝගය ලබා දුන්නේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved