Connect with us

පුවත්

යතුරු ලියන්නියගේ ‘මඟුල’ අලුත්කඩේ උසාවියක් වසයි

Published

on

අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත් අසීරුතාවට පත්විය.

එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.

අදාළ අධිකරණ ශාලාව ඉදිරිපිට ‘‘අද දින අංක 06 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි’’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද අලවා තිබුණු බව වාර්තා වේ..

මේ අතර, ම‌ේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර් වරයා පවසා ඇත්තේ තමා දන්නේ අංක 6 අධිකරණයේ කාර්යය මණ්ඩලය නිවාඩු දමා විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් ඇති බවයැයි ඔහු පවසා ඇත.

සාමාන්‍යයෙන් උදෑසන 09 ට පෙර අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතිඥවරුන්ට ඊයේ අවස්ථාව දී තිබිණි.

 එම අංක 06 අධිකරණයේ මෝසම් නඩු අංක 02 අධිකරණය හමුවේ ඊයේ දහවල් කැඳවනු ලැබිණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

මේ මැයි රැලිය තීරණාත්මකයි – මහින්ද රාජපක්ෂ

Published

on

By

මෙවර මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවති අතර එහි පැමිණි ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

“අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කලේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ,

“මේ මැයි රැලිය තීරණාත්මකයි. එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනි.

දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරු නායකයෝ පහර ගහන්නෙ අපිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මේ වේදිකාවේ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ?

මේ කයිවාරු නායකයො දන්නවා තාමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ අයට ඕන කරලා තියෙන්නෙ පොහොට්ටුවේ හැටනව ලක්ෂෙ බෙදාගන්න. ඒ අය හැට නව ලක්ෂෙට අපහාස කරනගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා.”

Continue Reading

පුවත්

සේමසිංහ ජෝර්ජියාවට

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ.

සමුළුව අද සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ.

සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉරාන ජනපතිගේ ලංකා ගමනට ඊශ්‍රායල් තානාපතිගේ කනස්සල්ල (වීඩියෝ)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති නාඕර් ගිලන් මහතා කියයි.

නිවුස් ෆස්ට් හි ශාලන් බෙනඩික්ට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සි‍ටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved