යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබේ.
යාපනයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිට ඇති අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.
පසුගිය 12 වනදා අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අදාල කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්තාව අද (15) දින ලැබී ඇති අතර එහිදී අනාවරනය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය අරාලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය තාවකාලිකව රැඳී සිටි නිවස හා ඇයව ඇසුරු කරන ලද පිරිස් පිළිබඳව සෙවීමටද මේ වනවිට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් පියවර ගෙන තිබේ.