පුවත්

GMOA වැඩ වර්ජනය තවදුරටත්(UPDATE)

Published

on

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “අපි සංකේත වැඩවර්ජනයක් කරන්නේ අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා. ඒ වැඩවර්ජනය හෙට උදෑසන අවසන් කරනවා. අපි බලාපොරොත්තු වුණ බලපෑම කරන්න මේ අපරාධ මෙයින් ඉස්සරහට මෙවැනි දේවල් සිදුවිය නොහැකි බවට දැඩි ස්ථාවරයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නවා. අපි දැඩි ලෙස මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හෙළාදකිනවා.” ලෙසය.

(පෙර පුවත 2025 මාර්තු 12 පෙ.ව.7.38.)


රට පුරා වෛද්‍යවරු අද වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි.

ඒ අනුව අද උදෑසන 08 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

සබැඳි පුවත්

Trending

Exit mobile version