රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබලෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 40,000කට අධික වටිනාකමින් යුතු රන්මාලයක් කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයකින් පසු මෙම නාවික සෙබළා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.