Connect with us

පුවත්

ලංවිම පාඩු ගණනය කරන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීම් අත්හිටුවන්නැයි ඉල්ලීමක්

Published

on

අවම වශයෙන් 2022 වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන මෙන් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මේ, එම සංගමය විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යොමු කරන දෙවැනි ලිපියයි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ :

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
විදුලිය ගාස්තු වැඩි කිරීම හා අදාලව ජනපති වෙත යොමු කළ දෙවන ලිපිය

2023 ජනවාරි 03 වන දින

ගරු ජනාධිපති,
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපති තුමනි

ලංවිම පාඩු ලැබීම් ගණනය කරන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීම් අත්හිටුවන ලෙස ඉල්ලීම

ඉහත මාතෘකාව යටතේ මෙම ජනවාරි 01 වන ඉරිදා දින ඔබ වෙත යොමු කළ ලිපියෙන් අප සංගමය ඉල්ලා සිටි අයුරු, ඊයේ ජනවාරි 02 වන සඳුදා දින පැවති ඇමති මණ්ඩල රැස්වීමෙහිදී විදුලිය ගාස්තු ඉහළ දැමීමේ තීන්දුව කල් තැබීම ගැන මේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වැටුප් ශ්‍රමිකයින් ඇතුළු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපි අපගේ කෘතඥතාව මෙහි සටහන් කරන්නෙමු.

එළෙස කල් තැබීමේ සැබෑ අර්ථය විය යුත්තේ අපගේ ලිපියෙහි සඳහන් කළ අයුරු විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන ගණන් අපතේ යෑම් හා දූෂණ මණ්ඩලයේ වගකීම් විරහිත හා දූෂිත තීන්දු හේතුවෙන් වන හෙයින්, ඒ සම්බන්ධ පූර්ණ ප්‍රසිද්ධ විමසීමකින් පසු විදුලිය ගාස්තු පිළිබඳ තීන්දු ගැනීමේ අවස්ථාවක් විදුලිය පාරිභෝගිකයින් වන පුරවැසියනට ලබා දීමය.

එබැවින් අවම වශයෙන් 2022 වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන මෙන් මෙයින් අප සංගමය නැවත ඉල්ලා සිටින්නේ, එතෙක් විදුලිය ගාස්තු පිළිබඳ කිසිදු තීන්දුවක් නොගන්නා ලෙසද ඉල්ලමිනි.

ස්තුතියි.
මෙයට විශ්වාසි,

අ/ක ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

පිටපත් –
සියලු කැබිනට් අමාත්‍යවරුන් වෙත

පුවත්

මේ මැයි රැලිය තීරණාත්මකයි – මහින්ද රාජපක්ෂ

Published

on

By

මෙවර මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවති අතර එහි පැමිණි ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

“අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කලේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ,

“මේ මැයි රැලිය තීරණාත්මකයි. එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනි.

දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරු නායකයෝ පහර ගහන්නෙ අපිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මේ වේදිකාවේ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ?

මේ කයිවාරු නායකයො දන්නවා තාමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ අයට ඕන කරලා තියෙන්නෙ පොහොට්ටුවේ හැටනව ලක්ෂෙ බෙදාගන්න. ඒ අය හැට නව ලක්ෂෙට අපහාස කරනගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා.”

Continue Reading

පුවත්

සේමසිංහ ජෝර්ජියාවට

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ.

සමුළුව අද සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ.

සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉරාන ජනපතිගේ ලංකා ගමනට ඊශ්‍රායල් තානාපතිගේ කනස්සල්ල (වීඩියෝ)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති නාඕර් ගිලන් මහතා කියයි.

නිවුස් ෆස්ට් හි ශාලන් බෙනඩික්ට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සි‍ටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved