පුවත්

ලෝක මිහිකත දිනය  අදයි

Published

on

ලෝක මිහිකත දිනය  (World Earth Day) අද (22) ට යෙදී තිබේ. 

ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, සෑම වසරකම අපේ‍්‍රල් මස 22 වන දින සමරනු ලැබේ.

 මෙවර එහි තේමාව “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්න යි. 

2040 වන විට ප්ලාස්ටික් භාවිතය 60% කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයකදී මිහිතල දිනය සැමරේ.

පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්‍යතාවය පෙන්වා දීමට මිහිකත දිනය ආරම්භ වූ අතරම අද ඒ තුළින් මිහිතලය සුරැකීම හා තිරසාර පැවැත්මේ අත්‍යාවශ්‍යතාවය පෙන්වා දෙනු ලබයි.

ලෝකයේ රටවල් බොහෝ සංඛ්‍යාවක් සමරන මිහිකත දිනය සඳහා නව ගස් රෝපණය කිරීම ප්‍රමුඛතාවක් ගනියි. 

පරිසර දූෂණයේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ලෝක ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

Trending

Exit mobile version