Connect with us

පුවත්

වයඹට පිටින් හරක් බෑ, වයඹ හරක්ට පිට යන්න බෑ

Published

on

වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහාය.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය (Lumpy Sceen diseases ) මේවනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බවද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading

පුවත්

වරායෙන් වාර්තාවක්

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි

පසුගිය වසරේ පළමු කාර්තුවේදී  බහාලු  මෙහෙයුම් ප්‍රමාණය441,032 කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස  සියයට 48කි.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව සියයට 49.81,ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජය වර්ණ මහතා පැවසීය.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved