Connect with us

පුවත්

ව්‍යාජ ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

Published

on

ආනයනය කරනු ලබන අමතර කොටස් එකලස් කර යතුරුපැදි සකසා අලෙවි කරන ජාවාරමක් වැටලීමට පානදුර දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විදේශයන්හි සිට ආනයනය කරනු ලැබූ යතුරුපැදි අමතර කොටස් යොදා ගනිමින් එකලස් කරනු ලබන නීති විරෝධී ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අලෙවි කරන ස්ථාන තුනක් සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත ඊයේ (25) දින මෙම වැටලීමට සිදු කළ බව පොලීසිය පවසයි.

වැටලීමෙන් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC හා මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ Mowad වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 20කට ආසන්න බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ යතුරුපැදි කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

මෙම ජාවාරම හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වූ බව විමර්ශනවලදී අනාවරණය විය.

අත් අඩංගුවට ගත් යතුරුපැදි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම අලෙවි මධ්‍යස්ථාන අයත් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇති අතර

මෙම ආයතනවලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවද ගැනුම්කරුවන් පෙන්වාදී ඇති බව පොලීසිය පවසයි.

පුවත්

E-Visa  ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

Published

on

By

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදෙන්නේ 2004 සිට සිය සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

තම සමාගම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය ප්‍රංශය ජර්මනිය ඉතාලිය ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රියා, ලැට්වියා, හංගේරියාව, ක්‍රොඒෂියාව, මෝල්ටාව සහ ග්‍රීසිය ඇතුළු රටවල් 23කට අදාළ වීසා අයදුම්පත් සකස් කිරීමේ කාර්යය සිදුකරන බවද පවසයි.

ශ්‍රී ලංකාවේ කොළඹ සහ යාපනයේ ක්‍රියාත්මක කෙරෙන වීසා මධ්‍යස්ථාන 6ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මධ්‍යස්ථාන තුළ ශ්‍රී ලාංකිකයින් 123ක් සේවයේ නිරතව සිටින බවය.

එසේම 2004 වසරේ සිට සිය මෙහෙයුම් ආරම්භ කර මේ වනවිට වීසා අයදුම්පත්‍ර මිලියන 3.2කට අධික ප්‍රමාණයක් සඳහා සේවා සැපයීමේ කටයුතු ඔවුන් සිදුකර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ නව E-Visa ක්‍රමවේදය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව තම VFS Global සමාගමට අමතරව GBS Technology Services සහ IVS Global FZCO සමාගම් සමග ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණු බවද එම සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔවුන්ගේ කාර්යය වනුයේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ පරිපාලනමය සහ විනිශ්චයන් නොවන කාර්යයන් කළමනාකරණය කිරීම පමණක් බවත් සිය නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදී ඇත.

එසේම වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අවසන් තීරණය ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණක්ම හිමිවන බවද සිය නිවේදනය මගින් VFS Global සමාගම වැඩිදුරටත් පවසයි.

එම නිවේදනයේ අවසාන වශයෙන් දැක්වෙන්නේ මෙම නව E-Visa ක්‍රමවේදය තායිලන්තය, ඩුබායි, අසර්බයිජානය, ඉක්වටෝරියල් ගිනී සහ සුරිනාම් ඇතුළු රාජ්‍යන් 12ක VFS Global සමාගම හරහා ක්‍රියාත්මක වන බවය.

Continue Reading

පුවත්

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

Published

on

By

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

එම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරතකර සිටි එක් සැකකරුවෙකු අද (06) ඇප මත මුදාහැර තිබේ.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාය.

Continue Reading

පුවත්

OMP හි පුරප්පාඩු වෙනුවෙන් අයෙදුම්පත් කැඳවේ.

Published

on

By

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම සිදුවේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදුවේ.

මෙලෙස අයෙදුම්පත් කැඳවීම සිදුවන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික ධුරයන්යේ පවතින පුරප්පාඩු වෙනුවෙනි.

ඒ සඳහා වූ අයැදුම්පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) OMP සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර තිබේ.

එම ආකෘතිය අනුව සකස් කල සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2024 මැයි මස 27 දින හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑල මඟින් හෝ විද්‍යුත් ලිපිනය (Email) ඔස්සේ යොමු කිරීමේ හැකියාව පවතී.

අයෙදුම්කරුවන් විසින්
ලියාපදිංචි තැපෑල මඟින් යොමු කරන්නේ නම්,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්,
ආණ්ඩුක්‍රම වයවස්ථා සභාව – කාර්යාලය,
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ.

යන ලිපිනයටත්,

විද්‍යුත් තැපෑල මඟින් යොමු කරන්නේ නම්,
[email protected]

යන විද්‍යුත් තැපැල් ලිපිනයටත් අයෙදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved