පුවත්

විදුලිබිල වෙනස් වෙන හැටි කියයි

Published

on

ඉදිරියේ දී සිදුකිරීමට යෝජිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් පිළිබඳව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා  අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් ඒකකයක මිල රු. 5කින් රු. 25ක් දක්වා අඩුකිරීමටත්, ස්ථාවර ගාස්තුව රු. 400ක සිට රු. 250 දක්වා අඩුකිරීමට යෝජවා කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියේය.

තවද, ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් හා ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි පැවසීය.

හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Trending

Exit mobile version